කුරුලෑ (Pimples) ?
ජීවිතයේ කුමන අවධියකදී හෝ අපි හැමෝම මුහුණදෙන ගැටලුවක් තමයි පිම්පල්ස් pimples හෙවත් කුරුලෑ. තුරුණුවියට එලඹි ගැහැනු හා පිරිමි දරුවන් දෙපාර්ශවයටම මේ තත්වය ඉතා අසහනකාරී වන්නේ ඔවුන් හතර දෙනෙකු අතරින් තුන්දෙනෙකුට පමණවත් මෙම තත්වය පොදුවන තරමටම සුලභ නිසයි.
සෞඛ්‍යමය වශයෙන් මෙහිදී ඇතිවන බලපෑම අවම වුනත්, සමාජයට මුහුණ දීමට ඇතිවන අකමැත්ත, ආත්ම විශ්වාසය බිදවැටීම, වාගේ බොහෝමයක් මානසික ගැටලු කුරුලෑ නිසා ඇතිවෙනවා. බොහෝමයකගේ කුරුලෑ තත්වය තුරුණුවිය ගෙවීයාමත් සමඟ ක්‍රමයෙන් අඩුවී ගියත්, සමහර පුද්ගලයන්ට පසුකාලීනවද මේ තත්වයට මුහුණදීමට සිදුවෙනවා. එපමණක් නොවෙයි ඔසප්වීම සිදුවීමට පෙරදීත්( pre menstrualy), ගර්භනී සමයේදීත් කාන්තාවන්ගේ කුරුලෑ හටගැනීමේ වැඩිවීමක් පෙන්වනවා..
Youtube Facebook වීඩියෝ හොඳම තත්ත්වයෙන් ඩවුන්ලෝඩ් කරමු.

Chrome, Firefox වගේ වෙබ් බ්‍රව්සර් වලට අනුබද්ධ Video Downloader වල උපරිම resolution එකෙන් ඩවුන්ලෝඩ් කරනවිට සමහර වීඩියෝ වල video only කියල නාද පටය නැතිව පැහැදිලි විඩියෝව පමණක් ඩවුන්ලෝඩ් වන අවස්ථාවලට සමහරවිට ඔබත් මුහුණදීලා ඇති. එවිට නාද පටය වෙනම ඩවුන්ලෝඩ් කර වීඩියෝවට වෙනම මෘදුකාංගයකින් එක් කර ගන්න වෙනව.
එලෙස නොකර එකවරම වීඩියෝව එහි උපරිම resolution එකෙන් ශබිදයද
සහිතව ඩවුන්ලෝඩ් කරගතහැකි මෘදුකාංගයක් ගැනයි මේ කියන්නෙ. මෙමඟින්
Youtube පමණක් නොව Facebook වීඩියෝත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
වෙනත් වීඩියෝ වෙබ්සයිට් ගැන නම් බැලුවෙ නැහැ. ඒවත් පුළුවන් ඇති. ට්‍රයි
කරල බලන්න. හරිගියොත් සද්ද නැතුව නොඉඳ මේකෙම comment කරන්න
මට රෙප් ටිකකුත් එකතු කරල.
මේ මෘදුකාංගය තමයි 4K Video Downloader. නොමිලයේ බාගන්න පුළුවන්
version එක හොඳටම සෑහෙනව. ඕනැනම් licensed version එක මුදල්
ගෙවල ගන්නත් පුළුවන් අමතර පහසුකම් කීපයක් එක්ක.
මෙන්න DOWNLOAD Link එක.

Install කරල Open කරපුවාම මෙහෙමයි.

දැන් වෙබ් බ්‍රව්සර්එකේ අදාළ වීඩියෝ පිටුවට යන්න. දැන් වීඩියෝවෙ URL address
එක කොපි කරන්න මේ වගේ.

දැන් + ලකුණ ඇති කොලපාට button එකේ පැත්කකට පුංචි රතු ඊතල ලකුණක්
ඇවිල්ල නම් වැඩේ හරි. ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. කොලපාට button එක
click කරන්න.

දැන් සුළු වෙලාවක් ඉවසන්න ඩවුන්ලෝඩ් එක සූදානම් වෙනකන්.

පහත dialog box එකෙන් කැමති resolution එක සහ file type එක
තෝරන්න. ඕනැනම් වීඩියෝව නැතිව හඬපටය පමණක් ඩවුන්ලෝඩ්
කරගන්නත් පුළුවන්.

දැන් පහත රූපයෙ වගේ ඩවුන්ලෝඩ් එක ඇරඹේවි. ඔනැනම් ඊතලයෙන්
පෙන්නන තැනින් pause කරලා කැමති වෙලාවක resume කරන්නත් පුළුවනි.

http://www.aluthtricks.com/
GIF පහසුවෙන් හදමු

අද ටිකක් වෙනස් එක....
හැමජාතියකම වේගේ ත්‍රෙඩ් දාල තියන නිසා හැමදාම වෙනස් ඒවා තමා...
හැබැයි මේක වෙනස් වෙන්නේ මේක දැම්මහම කිදෙනේක්ගෙන් බැනුම් අහන්න වෙයිද දැන් නැ,
එසේ මෙසේ උන් නෙවෙයි බනින්න බලන් ඉන්නේ,
ඇඩ්මින්ලා, මොඩ්ල, රේඩියෝ ටීම් එකේ සෙට් එක,
විශේෂයෙන් අර දෙමලාර් (delmar) එහෙම බලාන ඉන්නේ....
ඉතින් මොකක්ද අද කරන්න යන්නේ?
අද අපි යන්නේ ගිෆ් (gif) හදන්න....
මිට කලින් ගියා අපිට මොනවා හරි අකුරු ටිකක් ගිෆ් එකක් කරන හැටි,
අද මම කරන්න යන්නේ මොකක් හරි වීඩියෝ එකක් ගිෆ් එකක් කරන හැටි....
මේ ගැන අදහසක් අවේ http://naveenperera.blogspot.com/201...e-convert.html මෙන්න මේ බ්ලොග් එකේ දැක්කට පස්සේ,,,,
මමත් හිතුවා ඔයාලට මේක කියන්න කියලා....
මේක කෙලින්ම කොපි කරලා දාන්නේ නැතුව මගේ වචන වලින්, මගේ snap shot වලින් දාන්න ඕනේ කියලා හිතුවා.....
මේ ගිෆ් ෆයිල් එක මේ ටිකේ එලකිරිය ඇතුලේ සැහෙන්න යනවා....
මේක හැදුවේ මම තමයි...
ඉතින් අද ඉදන් ඔයාලා හැමෝටම මේ වගේ ඒවා හදන්න පුළුවන්......
එහෙනම් පටාන් ගමු....
අපි මේකට යොදා ගන්නේ video-gif-converter කියන software එක....
එක මෙතනින් ගන්න......
DOWNLOAD
දැන් ඉතින් වෙන ඒවා වගේම මේක ඉන්ස්ටෝල් කර ගන්න....
මේවා හොර කොපි නෙමෙයි,
නිකන් දෙන ඒවා....
ඒ නිසා බය වෙන්න දෙයක් නැ.....
දැන් software එක මෙහෙම ඔපෙන් වෙයි...
මුලින්ම කරන්න ඕනේ අපිට convert කරන්න ඕනේ ෆයිල් එක තෝරන්න.....
එක මම කහ පාටින් පෙන්වල තියෙන තැනින් එකතු කර ගන්න.....
දැන් යටින් ඔයාලට පෙන්වයි ඒ ෆයිල් එකේ play time එකයි, සයිස් එකයි....
ඊළගට කරන්න තියෙන්නේ අපිට ගිෆ් එකක් විදිහට convert කරන්න ඕනේ කොටස තෝරන්න ඕනේ....
මේකේ මම තෝරලා තියෙන්නේ තත්පර 3 ඉදලා 15 වෙනකල් කොටස......
ඊළගට අපිට ගිෆ් ෆයිල් එකේ සයිස් එක හදන්න පුළුවන්....
සාමාන්‍යයෙන් මේ දීල තියෙන සයිස් එකට 300KB සයිස් එකක් හදාගන්න පුළුවන්...
එළකිරි එකට දාන්න නම් මේ සයිස් ඒවා හදමු...
නැත්නම් මම අර කලින් කිව වගේ ස්ලෝව් වෙනවා කියල කස්ටියගෙන් බැනුම් අහන්න වෙනවා සුවර්.......
දැන් තියෙන්නේ මේ ෆයිල් එක කඩා ගන්න ඕනේ ෆොටෝ ගාන දෙන්න.....
මම දීල තියෙන්නේ තත්පර එකකට ෆොටෝ 10ක් කැඩෙන්න කියලා....
එක තමන්ට ඕනේ ෆොටෝ කොලිටි එක අනුව තීරණය කරන්න....
දැන් මුල ටික ඉවරයි ඔන්.....
දැන් තියෙන්නේ කඩා ගත්ත එකෙන් ගිෆ් ෆයිල් එක හදන්න....
මුලින්ම පෙන්වනවා අපිට තියෙන මුළු frame එහෙම නැත්නම් පොටෝ ගාන..
අපිට මේ පොටෝ එක එක බලන්න පුළුවන්....
ඒ කරලා අනවශ්‍ය ඒවා තියෙනවා නම් අයින් කරන්න පුළුවන්....
ඒ විදිහට පොටො ටික බබා වගේ හදා ගන්න.....
දැන් තියෙන්නේ quality එක තෝරන්න....
අයෙත් කියන්නේ එළකිරි එකේ දාන්න නම් normal තෝරන්න...
ඊට පස්සේ play speed එක...
අපිට ඕනේ නම් video එකේ speed එකම තෝරන්න පුළුවන්.
නැත්නම් අපිට පුළුවන් ගානක් තෝරන්න පුළුවන්....
ගිෆ් එක play වෙන speed එක = ( video එක තත්පරයට කඩපු frame ගාන)/(දැන් play වෙන්න දුන්නු speed එක....)
ඒ කියන්නේ අපි video එක තත්පරයට frame 10කත කඩලා , තත්පරයට frame 12 ගානේ play වෙන්න දුන්නොත් video එකේ speed එක කලින් වගේ 1.2ක් වෙනවා......
දැන් ඉතින් දෙවියනේ කියල save කර ගන්න....
හැබැයි මේ software එකේ පොඩි අවුලක් තියෙනවා....
ඒ තමා හදපු එකක් ආපහු බලා ගන්න බැ,
එකටත් මම වෙනම එකක් දෙන්නම්....
http://en.kioskea.net/download/download-9815-gif-viewer
මේක පොඩි එකක්,,,
පටස් ගාල ඉන්ස්ටල් කර ගන්න...
මේකෙන් පුළුවන් ඕනේ ගිෆ් එකක් play කරවන්න....
ඔන්න එහෙනම් මගේ වැඩ ඉවරයි....
හැබැයි දැනුයි ඔයාලගේ වැඩ පටන් ගන්නේ.....
මුලින්ම කමෙන්ට් එකක් නම් අනිවා ඕනේ...
ඊළගට ඔයාලත් ගිෆ් ෆයිල් එකක් හදලා හැමෝටම පෙන්න මේකේ දාන්න.....
එහෙනම් මම කැපුනා.....
http://www.aluthtricks.com/
vlc player එකෙන් youtube video download කරමු
ඔන්න මම අද කියන්නේ cool trick එකක් ඉතින් මේකට ඔයාල ගාව තියෙන vlc media player එක ..cool නේද මේක ගොඩක් ලේසිම ලේසි tricks එකක් ...මේකන් youtube video ලේසියෙන්ම බාගන්න පුළුවන් එහෙනම් පටන්ගමුකෝ .....
1. පළවෙනියට යන්නකෝ youtube .
2.ඕන video එකක් තෝරලා link එක copy කරගන්න .
3.හරි දැන් vlc player එක open කරගන්නකො
4.ඊට පස්සේ media > stream > network
5.දැන් ඔයා copy කරගත්ත link එක paste කරන්න
ඔය රතුපාට කොටුව ඇතුලේ play තෝරන්න
6. දැන් ඔය video එක play වෙන ගමන් tools > codec information යන්න .
7. හරි දැන් ඔතෙන තියෙන ලින්ක් එක copy කරලා වෙබ් browser එකක url type කරන තැනට paste කරලා enter යතුර තද කරන්න .
8.දැන් ඔය එන black page එකේ මැද කොටුව right click කරලා save video දෙන්න එතකොට වැඩේ ගොඩ
http://sinhalatrickz.blogspot.com/
ලැප්ටොප් එකක් අරගෙන ඇනගන්න කලින් මේක බලන්න
- මගේ ලප් එක සැහෙන්න රත් වෙනවනේ
- මගේ ලැප එකේ DVD එක වැඩ කරන්නේ නැනේ
- මගේ ලැප් එකේ සමහර කිස් වැඩ කරන්නේ නැනේ.
- මේ රෙද්දේ සෞන්ඩ් එන්නේ නැ චර චර ගානවා.
- ඔන්න එකපාරටම නිල් පාට ස්කිරින් එකක් ඇවිත් යනවා.
- අනේ කාලේ වනේ වාසේ දැන් ලැප් එක ඔන් වෙන්නෙම නැ.
- ඉස්සර නම් පොඩ්ඩක් වෙලා පොවෙර් එකට ගහල තිබ්බම ඔන් උන
- දැන් එකත් නැ
- USB එකට මොනවා ගැහුවත් අර "උබ ගහල තියෙන්නේ හයි ස්පීඩ් එකක් අඩු ස්පීඩ් හිලට " කියන එක එනෝ
- ඔන්න බඩු චාර්ජ් වෙන්නේ නැ.
ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු - World Mysteries
ලෝකේ දියුණුයි... විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුළුවන්... ඕනෙම ප්‍රශ්නෙකට තාක්ෂණේ උත්තර දෙනවා කියලා හිතාගෙන හිටියට මොකද, මෙච්චර දියුණුයි කියන නූතන මානවයටත් විසඳගන්න බැරි ගැටළු... ලෙහා ගන්න බැරි අවුල්... අගක් මුලක් හොයාගන්නවත් නැති අවස්ථාවන් නම් මේ ලෝකයේ අනන්තයි... අප්‍රමාණයි. මේ ලිපියේ ඡායාරූප එක්ක ඉදිරිපත් කරලා තියෙන වස්තුන් සියල්ලම පැහැදිලි කිරීමක් කරන්න බැරි තරමේ අරුම පුදුම අද්භූත දේවල්. මේවා කොහෙන් ආවද ? කොහොම හැදුවද ? මොකට හැදුවද ? කියන එක තමයි ප්‍රශ්නේ... එනම් බලලම කියවන්නකෝ... මේ තමා ලෝක අභිරහස්...!!!
GMAIL INBOX සම්පූර්ණයෙන් CLEAR කරමු
මේ කියන්න යන්නේ අමුතු දෙයක් ගැන නම් නෙවෙයි. හැමෝටම පේන්න තියෙන ඒත් අවධානය යොමු නොවුණු පුංචි තැනක් ගැනයි. Gmail Inbox එකේ ඇති සියලුම Email එකවර Select කිරීමේ විකල්පයක් බොහෝදෙනෙක් දැක නැතත් Inbox එකේම උඩින්ම තිබෙනවා.
මේ සඳහා ඔබ කළයුත්තේ ඔබේ ඉන්බොක්ස් එකෙහි සාමාන්‍ය පරිදි පළමු පිටුවේ ඇති Emails සියල්ල සිලෙක්ට් කිරීම පමණයි. ඒ සඳහා ඔබට Select All විකල්පය තෝරාදිය හැකියි.
ශරිරයේ බර වැඩිකර ගැනිමට ස්වාභාවික ප්‍රතිකාරයන් 10ක්
අතුරු ආබාධයන්ගෙන් බහුල නොයෙකුත් ක්‍රම වේදයන් වෙනුවට නොයෙකුත් ස්වාභාවිකම ශරිරයේ බර වැඩිකරගත හැකි ක්‍රම වේදයන් කිහිපයක් පිළිබඳවයි මෙහිදි අප කතාකිරිමට බලාපොරොත්තු වෙන්නේ. එම ප්‍රතිකාරයන් අතරට ශරිරයේ බර වැඩි කරගැනිම සඳහා උපකාරි වෙන නොයෙකුත් ආහාර වර්ගයන් ඇතුලත් වෙනවා. ඒ වගේම ව්‍යායාම කිරිමද වැදගත් බව හොඳින් මතක තබා ගන්න.
ලොවම වෙනස්කළ “ පිස්සු “ අදහස්
ව්‍යාපාරයක්, එහෙමත් නැත්නම් අලුත් නිර්මාණයක්, නිපැයුමක්, මේ වගේ දේවල් වලදී බොහෝ දෙනෙක් හිතන්නේ හොඳම අදහස (idea) තියෙන කෙනා තමයි ජයග්‍රහණය කරන්නේ කියලා. ඒත් හොඳම අදහස තිබුණ පමණින් ඒ ව්‍යාපාරය හෝ නව නිර්මාණය සාර්ථක වේවි ද? ඉතින් අපි අද කියන්න යන්නේ මුලදී පිස්සු අදහසක් කියලා හැමෝම අහකදාපු, ඒත් කාලයත් එක්ක සීග්‍ර දියුණුවක් ලබපු අදහස් කිහිපයක් ගැනයි.
මූදල් ඉතිරි කරන්නට සරල ක්‍රම 30 ක්
දිනපතාම භාණ්ඩ මිල ඉහළ යෑමත් සමගම ගෙදර වියදමත් ඉහළ යෑම ස්වභාවිකවම සිදුවන්නකි. එයින් සිදුවන්නේ අපට යම් මූදලක් ඉතිරි කිරීම අසීරු වීමයි. රජයකට බැණ වැදීම හැරෙන්නට වියදම් ඉහළ යෑමේදී අපිට කළ හැකි දෙයක් නොවේ යැයි අපි සිතන්නෙමූ. වියදම් ඉහළ යද්දී ඔබ මෙම සරල ක්‍රම තිහ අනූගමනය කළොත් වියදමට යම් සහනයක් ලැබිය හැකි මූදල් ඉතිරියක් කළ හැකි වේ.
ලැප්ටොප් එකේ බැටරිය ආරක්ෂා කරගන්න විදිය
ගොඩක් වෙලාවට ලැප්ටොප් පරිගණක පාවිච්චි කරන අය හිතනවනේ කොහොමද බැටරිය ආරක්ෂා කරගන්නේ, කොහොමද වැඩිපුර කාලයක් භාවිතා කරන්නේ කියලා. බැටරියේ ආරෝපිතාව එහෙමත් නැත්නම් චාර්ජ් එක ජංගම දුරකථන වලට වගේම ලැප්ටොප් පරිගණක වලටත් උවමනාම දෙයක්. ඉතිං ඒකට පොඩි පොඩි ක්‍රම ටිකක් තියෙනවා. ඉතිං වැදගත්ම වන ක්‍රම ටික තමයි ඔයාලට අද කියන්න යන්නේ. ගොඩක් අය මම දැක්කා බුකියේ කියල තිබුනා ලැප් එකේ බැටරිය ආරක්ෂා කරගන්න හැටි. හැබැයි ඒවගෙන් සමහරක් තියෙන විදිහට කරොත් බැටරියක් අලුතෙන් ගන්න එක හොඳයි කියල හිතෙයි. හරි ඉතිං වැඩි කතා බතා ඕනි නෑනේ. මාතෘකාවට බහිමුකෝ.
දන්තාලේප භාවිතාකර ඔබේ ජිවිතය පහසුකරගතහැකි විෂ්මිත ක්‍රම18ක්
අප වටා ප්‍රයෝජනවත් දේවල ගොඩක් තියනවා.එවා නිවරදිව භාවිතාකරත්න්න ඉගන ගත්තම අපේ ජිවිතේ ගොඩලක් පහසු කරගන්න පුලුවන්.අප දිනපාතා භාවිතාකරන පොදු නිශ්පාදනයක් වන දන්තාලේප භාවිතාකර දත් පිරිසිදු කරගන්නවට වඩා වැඩිදෙයක් මෙමගින් කරගන්න පුලුවන් බව ඔබ කෙදිනකවත් සිතුවද එහෙනම් පහලින් බලන්න්නකො මෙවත් කරගන්න පුලුවන් කියලා...
ජංගම දුරකථන චාර්ජ් කිරීම ගැන මිත්‍යා විශ්වාස 5ක් සහ ඒවා පිලිබඳ ඇත්ත
“දුරකථනය චාර්ජ් වෙන අතරතුර පාවිච්චි කරන්න එපා” , “රැ පුරා චාර්ජ් වෙන්න ගහල නිදා ගන්න එපා” , “බැටරිය සම්පුර්ණයෙන් බැසීමට ඉඩ දෙන්න” මෙවැනි මිත්‍යා විශ්වාස බොහෝය.
බැටරි පාවිච්චියේදි කල යුතු දේවල් හා නොකළ යුතු දේවල් තියෙනවා, නමුත් මිත්‍යා විශ්වාස බොහෝය
මෙන්න ඒ මිත්‍යා විශ්වාස හා ඒ පිලිබඳ ඇත්ත
බර්මියුඩා ත්රිකෝනය
බර්මියුඩා ත්රිකෝනය තියෙන්නෙ බටහිර අත්ලාන්තික් මුහුදෙ ඇමරිකාවෙ ෆ්ලොරිඩා හා බ්රසීල
මුහුදෙ හැතපුම් 200ක් උතුරෙන් තියන ලක්ෂ්‍ය තුනක් යා කරන වර්ග කිලෝ මීටර් දහස් ගණනක්
අයත් වෙන ප්‍රදේශයක. මේක මේ කාලේ විතරක් නෙවේ අතීතයෙත් කුතුහලය ඇතිකරපු තැනක්.
එදා ඉදල ගොඩක් අය එක එක කතා කියනව, ඒත් හරියටම කියන්න බැරිවෙලයි තියෙන්නෙ.
Subscribe to:
Comments (Atom)
Like Us
BOOKMARK US (CTRL+D)
Popular Posts
-
අද මම ඔයාලට දෙන්න යන්නේ ගොඩාක් වැදගත් දෙයක්. මේකෙන් TV Series බොහොමයක් Direct Download කරගත හැක.
-
අතුරු ආබාධයන්ගෙන් බහුල නොයෙකුත් ක්‍රම වේදයන් වෙනුවට නොයෙකුත් ස්වාභාවිකම ශරිරයේ බර වැඩිකරගත හැකි ක්‍රම වේදයන් කිහිපයක් පිළිබඳවයි මෙහිදි ...
-
ජීවිතයේ කුමන අවධියකදී හෝ අපි හැමෝම මුහුණදෙන ගැටලුවක් තමයි පිම්පල්ස් pimples හෙවත් කුරුලෑ. තුරුණුවියට එලඹි ගැහැනු හා පිරිමි දරුවන් ද...
-
සීරීමක් වූ විට ඒ වෙනුවට නව ජංගම දුරකථනයක් මිලදී ගැනීම හෝ අලුත්වැඩියා මද්‍යස්ථානයකට විශාල මුදලක් ගෙවීම පමණක් ඔබට තිබෙන විසදුම් නොවේ.මෙන්න...
-
මගේ ලප් එක සැහෙන්න රත් වෙනවනේ මගේ ලැප එකේ DVD එක වැඩ කරන්නේ නැනේ මගේ ලැප් එකේ සමහර කිස් වැඩ කරන්නේ නැනේ. මේ රෙද්දේ සෞන්ඩ් එන්නේ න...
-
බ ර්මියුඩා ත් රිකෝනය තියෙන්නෙ බටහිර අත්ලාන්තික් මුහුදෙ ඇමරිකාවෙ ෆ්ලොරිඩා හා බ් රසීල මුහුදෙ හැතපුම් 200 ක්...
-
අද ටිකක් වෙනස් එක.... හැමජාතියකම වේගේ ත්‍රෙඩ් දාල තියන නිසා හැමදාම වෙනස් ඒවා තමා... හැබැයි මේක වෙනස් වෙන්නේ මේක දැම්මහම කිදෙනේක්ගෙන් බ...
-
“දුරකථනය චාර්ජ් වෙන අතරතුර පාවිච්චි කරන්න එපා” , “රැ පුරා චාර්ජ් වෙන්න ගහල නිදා ගන්න එපා” , “බැටරිය සම්පුර්ණයෙන් බැසීමට ඉඩ දෙන්න” මෙවැන...
-
Chrome, Firefox වගේ වෙබ් බ්‍රව්සර් වලට අනුබද්ධ Video Downloader වල උපරිම resolution එකෙන් ඩවුන්ලෝඩ් කරනවිට සමහර වීඩියෝ වල video only කියල...
Blog Archive
-
▼
2016
(19)
-
►
June
(12)
- ලැප්ටොප් එකක් අරගෙන ඇනගන්න කලින් මේක බලන්න
- ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු - World Myst...
- GMAIL INBOX සම්පූර්ණයෙන් CLEAR කරමු
- ශරිරයේ බර වැඩිකර ගැනිමට ස්වාභාවික ප්‍රතිකාරයන් 10ක්
- ලොවම වෙනස්කළ “ පිස්සු “ අදහස්
- ඉහලම විකිරනශීලි දුරකථන පහ
- ඔබගේ ජංගම දුරකථනයෙහි ඇති සීරීම් ඉවත් කරන විදි 7ක්
- මූදල් ඉතිරි කරන්නට සරල ක්‍රම 30 ක්
- ලැප්ටොප් එකේ බැටරිය ආරක්ෂා කරගන්න විදිය
- දන්තාලේප භාවිතාකර ඔබේ ජිවිතය පහසුකරගතහැකි විෂ්මිත ...
- ජංගම දුරකථන චාර්ජ් කිරීම ගැන මිත්‍යා විශ්වාස 5ක් ස...
- බර්මියුඩා ත්රිකෝනය
-
►
June
(12)
About
Powered by Blogger.
















